UGC

2015 වර්ෂයේ සිට ඉදිරි වර්ෂවලට බල පැවැත්වෙන ලෙස ක්‍රියාත්මක වන උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (Information and Communication Technology/ICT) නව විෂය සංශෝධන සහිත විෂය නිර්දේශය කලා, වාණිජ්‍ය, ජෛව විද්‍යා, භෞතීය විද්‍යා හා තාක්‍ෂණ යන ඕනෑම විෂය ධාරාවක් (Arts, Commerce, Biological Science, Physical Science & Technological Streams) සමඟ හැදෑරීමට හැකි වේ.

එම ඕනෑම විෂය ධාරාවක් තුළ උසස් පෙළ ICT විෂය සමඟ තෝරා ගත  යුතු අනෙක් විෂයන් දෙක විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් පසු හැදෑරිය හැකි පාඨමාලාවන් අනුව තීරණය කළ යුතු ම ය. එසේ නොවුනහොත් ඔබ උසස් පෙළ ඉහළ ප්‍රතිඵල සමඟ සමත් වුවත් නියම විෂය සංයෝජනයක් තෝරා ගෙන නොමැති නිසා විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම ද සිදු කළ නො හැකි වනු ඇත.

ICT විෂය තෝරා ගන්නා ඔබට විශ්වවිද්‍යාලය තුළ හැදෑරිය හැකි පාඨමාලාවන් බොහොමයක් පවතින බව ඔබ දන්නෙහි ද? මේ සඳහා පිළිතුර “නැත” නම් මෙන්න ඒ සඳහා අපේ සහය. Download කර ගන්න විශ්වවිද්‍යාල ප්‍රවේශය 2013/14 (University Admission 2013/14) eBook එක.

මෙය නිකුත් කරන ලද්දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් (UGC) බව අමතක නො කරන්න. එම උපුටනය පරිශීලනය කිරීම පහසු වන ලෙස සකස් කර මෙම වෙබ් අඩවියට එක් කළ බව සතුටින් දන්වමි. ඔබගේ ගැටලු, යෝජනා සහ අදහස් අප අගය කරමි. කරුණාකර දන්වන්න Contact.