Author: Indika ජයසිංහ

මෙම කෘතිය සම්පාදනය කිරීමේ මූලික අරමුණ වූයේ, 2009 දී උසස් පෙළ විෂය පථයට හඳුන්වා දුන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (ICT) විෂය නිර්දේශයේ අන්තර්ගත මෙන් ම, 2016 සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශයට එක් කළ, වැඩි අවධානයක් යොමු කෙරෙන ප්‍රධානතම නිපුණතාව වන පරිගණක අනුසාරයෙන් ගැටලු විසඳීම ඉලක්ක කර ගත් පයිතන් ක්‍රමලේඛන භාෂාව (Python Programming Language) සරල ව හා ක්‍රමානුකූල ව හැදෑරීමට අවශ්‍ය මූලික සංකල්ප, භාෂාමය කරුණු සහ ප්‍රශ්නෝත්තර ගුරු-සිසු දෙපාර්ශවය ම වෙත සම්ප්‍රේෂණය කිරීමයි.

අන්තර්ගත මුල් පිටු:

උ/පෙළ විෂය නිර්දේශයේ 7 වන නිපුණතාව යටතේ කාලච්ඡේද 85කින් ද සා/පෙළ විෂය නිර්දේශයේ 10 වන නිපුණතාව යටතේ කාලච්ඡේද 38කින් ද මෙම ඒකක ආවරණය කිරීමට ගුරුවරුන්ට සිදු ව තිබේ. ඒ වෙනුවෙන් මෙතෙක් සම්පූර්ණ විෂය ඒකකය ම ඉගැන්වීම මෙන් ම හැදෑරීම සඳහා විෂය කරුණු අඩංගු අත් පොතක් ගුරු-සිසු දෙපාර්ශවයට ම නොමැති බැවින් ඔවුන්ගේ පරිශීලනය සඳහා මෙම කෘතිය සම්පාදනය කෙරිණ.

  • ජුලි 18 දින සිට “සරසවි පොත්හල“ ඇතුළු දිවයින පුරා ඇති ප්‍රසිද්ධ පොත්හල් බොහොමයකින් උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ලන්ඩන් විභාග සඳහා නිර්දේශිත, Python Programming Concepts / පයිතන් ක්‍රමලේඛන සංකල්ප පොත (සිංහල-English භාෂා දෙකින්ම සමන්විතයි) මිලදී ගත හැකි බව කාරුණිකව දන්වමි.
  • තැපෑලෙන් ලබා ගැනීමට අවශ්‍ය නම්, 0714165800 දුරකතන අංකයට ඔබගේ නම, ලිපිනය සහ අවශ්‍ය පිටපත් ගණන සඳහන් කර SMS පණිවිඩයක් එවන්න. තැපැල් ගාස්තු නොමිලේ!!!

Phthon Programming Cover.cdr
Phthon Programming Concepts